2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම හෙටින් අවසන් වනවා.
හෙට උදෑසන 8.30 සිට දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එහෙත් අද (05) දිනයේ ඇප මුදල් භාරගැනීම සිදුවන්නේ නැහැ. ඊයේ (04) වනවිට අපේක්ෂකයන් 33 දෙනෙක් ඇප මුදල් තැන්පත් කළා.
ඊට පිළිගත් දේශපාලන පක්ෂ 16 ක්, වෙනත් දේශපාලන පක්ෂ 3 ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 14 ක් ඇතුලත්.