fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 18:35

ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ වෙයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්​සම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය තීරණය කෙරුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයෙකු නොවන බැවින් ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය,  ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන සර්ටියෝරාටි රීට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සම ගොනුකර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම සළකා බැලුනේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම ගොනු කර තිබුනා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්