ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල ප්රදේශයේදී ආගමික වැඩසටහන් කිහිපයකට එක් වුනා.
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී විශේෂ පූජාවකට එක් වුණා.
ඉන් අනතුරුව කැගල්ල කදිරේෂන් කෝවිල හා මුස්ලිම් පල්ලිය වෙත පැමිණ එහි පැවති ආගමික වතාවත්වලට එක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල කතෝලික පල්ලියට ද පැමිණ දේව මෙහෙයකට සහභාගී වුණා. වෑවලදෙණිය විහාරස්ථානය වෙත පැමිණි ඒ මහතා ආගමික වතාවත්වල නිරත වී සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.