fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය සේවාවක් බැවින් වැඩට එන්නැයි සාමාන්‍යාධිකාරිගෙන් දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 18:58

අත්‍යවශ්‍ය සේවාවක් බැවින් වැඩට එන්නැයි සාමාන්‍යාධිකාරිගෙන් දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (03) රාත්‍රියේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. වැටුප් විෂමතා ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද (04) දිනයේ ද ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි සේ පීඩාවට පත්වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කිරීමට ද මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ අද (04) පෙරවරු කාලයේ කාර්යාලීය දුම්රිය 20 කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. එමෙන්ම කාර්යාල දුම්රිය ඇතුලු දුම්රිය වැඩි සංඛ්‍යාවක් අද (04) පස්වරුවේ ධාවනයට එක්කර තිබුණා. කෙසේ වුව ද වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටින්නේ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්