නොවැම්බර් මස 16 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවීමට රීට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.
මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන්නේ. පෙත්සම ගොණුකළේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා. ජනාධිපතිවරණය සඳහා ඔක්තෝබර් මස 7 වෙනිදා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අත්හිටුවීමට රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.
මෙම පෙත්සමට ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. ඒ ITN සංවාදය වැඩසටහනට ඊයේ (03) එක්වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/KnuZchdywXA”]