fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ සහ ශ්‍රී ජයර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 06කට ලබන සදුදා නිවාඩු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:37

කොළඹ සහ ශ්‍රී ජයර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 06කට ලබන සදුදා නිවාඩු

ලබන සදුදා එනම් 07 වනදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් සහ ශ්‍රී ජයර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙනවා.  ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරගන්නා දිනය බැවිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

නාමයෝජනා භාර ගන්නා දින වසා තැබෙන්නේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ කොට්ඨාසයට අයත් සියලුම පාසල්.  ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් රාජගිරිය ජනාධිපති විද්‍යාලය,  හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයද වසා තැබෙනවා.

මේ අතර ජනාධිපතිවරණයට නාමයෝජන භාර ගන්නා දින ආරක්ෂක හේතුන් මත රාජගිරිය සරණ මාවත ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති. සිය අපේක්ෂකයන් ද සමග මැතිවරණය මහලේකම් කාර්යාලයට පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සදහා රථවාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය සහ අවට වෙන් කිරීම ඊට හේතුවයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්