fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:30

සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

මොහොමඩ් සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව. ඔහුගේ දුරකථන අංකයට අදාළව සිදුකරන ලද දුරකථන අංක විශ්ලේෂණයකින් අනතුරුව ත‍්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බේරුවල අඹේපිටිය ප‍්‍රදේශයේදී. ඔහු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරු ද හම්බන්තොටදී සහරාන් සමඟ පුහුණුවීමකට සම්බන්ධවී ඇති බවට විමර්ශනයේදී හෙළිව තිබෙනවා. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්