සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ
Related Articles
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළේ අද (04) පෙරවරුවේයි. සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඒ අනුව මේ වනවිට අපේක්ෂකයන් විසි දෙදෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අද (04) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. අයදුම්පත තැපෑලට භාරනොදී ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බව ද කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා ප්‍රකාශ කළා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 30 වෙනිදා සහ 31 වෙනිදා සිදුකිරීමටයි නියමිත.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් ලබන ඉරිදා මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ඒ හත්වනදාට නියමිත නාම යෝජනා භාරදීමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කිරීමට. එදින පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලයේදී පමණක් නාම යෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම ද එම කාලසීමාවේදී සිදුකළ හැකි බව කොමිසම ප්‍රකාශ කළා.