fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක මළල ක්‍රීඩා තරගාවලියක මීටර් දෙසීය රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය කාන්තාව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:19

ලෝක මළල ක්‍රීඩා තරගාවලියක මීටර් දෙසීය රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය කාන්තාව

ලෝක මළල ක්‍රීඩා ශුරතා තරගාවලියක මිටර් දෙසීය ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බවට පත්විමට ඩිනා ඈෂර් ස්මිත් සමත් වුණා.

දෝහා කටාර්හි මේ දින වල පැවැත්වෙන ලෝක මලල ක්‍රිඩා ශුරතා තරගාවලියේ  මිටර් දෙසිය තරග ඉසව්ව නිම කිරිමට ඈෂර් ගත කල කාලය තත්ත්පර 21යි දශම අටයි අටක්.

මේ අතර මීටර් සියය තරග ඉසව්වේ රිදි පදක්කම දිනා ගැනිමට ද ඩිනා ඈෂර් ස්මිත්ට හැකි වුණා.

තත්ත්පර 22යි දශම දෙකයි දෙකකින් තරගය නිම කළ ඇමෙරිකාවේ බ්‍රිට්නි බ්‍රවුන් මිටර් දෙසිය තරග ඉසව්වේ රිදි පදක්කම දිනා ගත්තා.

එම තරගයේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ස්විට්සර්ලන්තයේ මුජින්ගා කමුජි. ඇය තරගය නිම කිරිමට ගත කල කාලය තත්ත්පර විසි දෙකයි දශම පහයි එකක්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්