fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සහ ඉතාලිය අතර තරගය අද පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:04

දකුණු අප්‍රිකාව සහ ඉතාලිය අතර තරගය අද පස්වරුවේ

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉතාලිය අතර තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඩී කාණ්ඩය යටතේ ජෝර්ජියා කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 45ට 10ක් ලෙස ජග්‍රහණය කිරිමට ෆීජී කණ්ඩායම සමත් වුණා.

ජපානයේ හනසෝනා රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ෆීජි කණ්ඩායම  ලකුණු  07ක් ලබා සිටියා.

එම අර්ධයේදී ජෝර්ජියා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමණයි.

මේ අතර රුසියාව සමග පැවති තරගය ලකුණු 35ට බින්දුවක් ලෙස පහසු ජයක් වාර්තා කිරිමට අයර්ලන්ත කණ්ඩායමට හැකි වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 11:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්