ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සිදුකරන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන යටතේ ඉස්ලාම් කිරාන් පරායනය කොළඹ කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
යුද හමුදා ඉස්ලාම් ආගමික සංගමයයි මෙම ආශිර්වාද පූජාව සංවිධාන කළේ. ඉසඩීන් සල්මාන්,ෂෙයික්මුනි හා ඒ බී එම් රිස්වාන් යන මව්ලවිවරුන් ආගමික වතාවත් සිදු කළා. යුද හමුදා ධජ ආශිර්වාද ගැන්වීමද මෙහිදී සිදු වුණා. සිහිවටන හුවමාරුවක් ද සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ජුම්මා පල්ලියේ පාලක මණ්ඩලය හමුදාපතිවරයා වෙත කුරානයේ සිංහල පිටපතක් පිරිනැමුවා.