fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 23 දෙනෙකු ජිවිතක්‍ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 17:28

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 23 දෙනෙකු ජිවිතක්‍ෂයට

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.

පේරු රාජ්‍යයේ අන්දීස් කඳුකරය ආසන්නයේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. බස් රථය අඩි 300 ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. ඉන් විශාල පිරිසක් තුවාල ලැබුවා.  අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයින් 50ට ආසන්න පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ. බස් රථය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. පේරු රාජ්‍යයේ මහා මාර්ග නඩත්තු කිරීමේ දුර්වලතා සහ කඳුකර මාර්ග බහුල වීම හේතුවෙන් නිරන්තරයෙන් අනතුරු සිදුවන බව එරට බලධාරීන් පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්