ශ්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධාන කරන එෆ් ඒ කුලසාන පාපන්දු තරගාවලිය අනිද්දා ආරම්වනවා. ඒ පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පාපන්දු සංගම් මුලස්ථානයේදී පැවැත්වුණා.
මෙවර එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියට කණ්ඩායම් 827ක් එක්ව සිටිනවා. පසුගිය වසරේ ශුරතාව දිනා ගත් යුද හමුදා කණ්ඩායම හා අනුශුරයන් වූ සෝන්ඩර්ස් කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 32ක් අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. දිස්ත්‍රික් හා කලාප ශුරයන් බවට පත් වූ කණ්ඩායම් 64ක් අනිද්දා සිට අවසන් වටය සදහා පළමුව තරග වදිනවා. අනතුරුව එහි ජයග්රාහි කණ්ඩායම් 32ක් සහ පසුගිය වසරේ අවසන් වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම් 32ක් අතර ඊළග තරග වටය පැවැත්වෙනවා. ඒ අනුව මෙම පිලිමලුන් පිටුදැකිමේ තරගාවලියේ අවසන් පූර්ව තරග දෙසැම්බර් 15වනදා ත් , අවසන් මහා තරග දෙසැම් 22ක් කොළඹ සුගතදාස ක්රිඩාංගනයේදී පැවැත්විමට නියමිතයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.