නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 14 දෙනෙක් ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාරදුන්නා.
ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදී. ඒ අනුව එස්වාටිනි රාජධානියේ මහකොමසාරිස්වරයා ක්වාලාලම්පුර් නුවර සිට ද , බෙනින් ජනරජයේ තානාපති ටෝකියෝ නුවර සිටද , අනෙක් දොලොස් දෙනා නවදිල්ලි නුවර සිටද රාජකාරී කටයුතු සිදුකරයි. මෙම අවස්ථාවට විදේහ කටයුතු අමාත්‍ය තිලක් මාරපන , ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න යන මහත්වරුන් ද එක්ව සිටියා.
අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපතිවරු:
01. මොලොන්ඩි සොලමන් ඩ්ලාමිනි මහතා (Mr. Mlondi Solomon Dlamini) එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්
02. බෙල්ජියම රාජධානියේ තානාපති ෆ්රැන්කොයිස් ඩෙල්හයි මහතා (Mr. Francois Delhaye)
03. මැකරිමි අබිස්සෝලා අඩචුබු මහතා, බෙනින් ජනරජයේ තානාපති (Mr. Makarimi Abissola Adechoubou)
04. කාලෝස් ජෝස් ද පින්හෝ ඊ මෙලෝ පෙරෙයිරා මාක්ස්, පෘතුගීසි ජනරජයේ තානාපති (Mr. Carlos Jose de Pinho e Melo Pereira Marques)
05. මුහම්මද් සෙන්කික් මහතා, බොස්නියා සහ හර්සගොවිනා තානාපති (Mr. Muhamed Cenqic)
06. අහමඩ් යූසිෆ් මොහොමඩ් එල්සිඩිග් මහතා, සුඩාන් ජනරජයේ තානාපති (Mr. Ahmed Yousif Mohamed Elsiddig)
07. ගිනියා ජනරජයේ තානාපති ෆටූමාටා බෝල්ඩේ මහත්මිය (Mrs. Fatoumata Balde)
08. නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් ගේබ්‍රියෙල් පණ්ඩුරේනි සිනිම්බෝ මහතා (Mr. Gabriel Pandureni Sinimbo)
09. හෙලනික් ජනරජයේ තානාපති ඩයොනිසියෝස් කයිවෙටෝස් මහතා (Mr. Dionyssios Kyvetos) (ග්‍රීසිය)
10. ජුවාන් රෝලන්ඩෝ ඇන්ගුලෝ මහතා, චිලී ජනරජයේ තානාපති (Mr. Juan Rolando Angulo)
11. බල්ගේරියානු ජනරජයේ තානාපති එලේනෝරා ඩිමිට්‍රෝවා ඩිමිට්‍රෝවා මහත්මිය (Mrs. Eleonora Dimitrova Dimitrova)
12. බ්‍රෙන්ඩන් වෝඩ් මහතා, අයර්ලන්ත තානාපති (Mr. Brendan Ward)
13. කොරොමොටෝ ගොඩෝයි කැල්ඩෙරොන් මහත්මිය, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති (Mrs. Coromoto Godoy Calderon)
14. ඉතියෝපියාවේ ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජයේ තානාපති ටිසිටා මුලුගෙටා මහත්මිය. (Mrs. Tizita Mulugeta)