පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ නම්වලින් බැංකු ගිණුම් පවත්වාගෙන යන්නේද පිලිබද පරික්ෂා කොට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මුල්‍ය සමාගම් 80 කට නියෝග කළා.
ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව. සැකකරුවන්ගේ වත්කම් පරික්ෂා කිරීමේ අරමුණෙන් ඉල්ලීම සිදුකරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ. පාස්කු ඉරුදින ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පුජිත් ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.