ලෝක කුසලාන රග්බි තරගාවලියේ තවත් තරග දෙකක් අද (03) පැවැත්වෙනවා.
පළමු තරගය ලෙස ෆීජී සහ ජෝර්ජියා කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා. තවත් තරගයක් අයර්ලන්තය සමග රුසියාව තරග වැදිමට නියමිතයි. මේ අතර ලෝක කුසලනා රග්බි තරගාවලියේ ඊයේ (02) පැවති තරග දෙකකින් ජය වාර්තා කිරීමට නවසීලන්තය සහ ප්රංශය සමත් වුණා. සී කාණ්ඩය යටතේ අමෙරිකා එක්සත් ජනපදය සමග පැවති ලකුණු 33 ට 09ක් ලෙස ජය ගැනීමට ප්රංශය සමත් වුණා.
B කාණ්ඩය යටතේ තවත් තරගයක් ඊයේ (02) නවසීලන්තය සහ කැනඩාව අතර පැවැත්වුණා. එහිදි ලකුණු 63 ට 0 ක් ලෙස විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ නවසීලන්තයයි. කෙසේ වෙතත් ප්රසාද ලකුණු 9ක් ලබා ගනිමින් නවසීලන්තය මේ වන විට B කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.