හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (03) අවසර ලබා දුන්නා. ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට ද නියෝග කෙරුණා.
ඒ අනුව ලබන 09 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය පරික්ෂණයට සහභාවීමට විදේශගත වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවුණා. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බැවින් ඔහුට නාමයෝජනා භාරදීමට විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියා. ඊට විරුද්ධ නොවන බවයි නීතිපතිවරයා දැනුම් දුන්නේ. ඒ අනුව විදේශ ගමන් බලපත්රයද තාවකාලිකව මුදාහරින ලෙසයි මහාධිකරණය නියෝග කළේ.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 39.9 ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන්බලපත්‍රය අධිකරණයේ රදවාගෙන සිටියේ. මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොණු කළ මූලික විරෝධතා මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණා. ඊට එරෙහි අභියාචනා පෙත්සමද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (03) කැදවීමට නියමිතයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම ද අද පස්වරු 1.30 ට යළි සලකා බැලීමට නියමිතයි.