එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් නම්කර අපේක්ෂකත්වය අද තහවුරු කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදීයි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. සම්මේලනයට යෝජනා 6 ක් ඉදිරිපත් වූ අතර එම යෝජනා සඳහා පාක්ෂිකයින්ගේ කැමැත්ත ද මෙහිදී විමසා සිටියා. ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සමග වේදිකාවට අග්‍රාමාත්‍යවරයා පැමිණීම විශේෂ අවස්ථාවක් බවට පත්වුණා.
සැප්තැම්බර් 26 වනදා කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමත කළ බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය, අගමැතිවරයාගේ එකඟතාව මත විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වීම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම යන යෝජනා මෙම සම්මේලනයේදී සම්මත කර ගත්තා. සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ තමන් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය බෙදීමට ඉඩ නොතබන බවයි.
ජනාධිපතිවරණය ජය ගනිමින් පොදු ජන යුගයක් උදාකිරීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්මේලනය අමතමින් කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9I_XdOFw8aY”]