මෙම වසරේ අනවසර ලෙස යුරෝපයට සංක්රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
ජගත් සරණාගතයින් පිළිබඳ ඒජන්සිය ප්රකාශ කරන ආකාරයට පසුගිය මාසය අවසන් වන විට මෙසේ අනාරක්ෂිත ලෙස යුරෝපයට සංක්රමණයවීමට උත්සාහ දැරීමේදී ජීවිතක්ෂයට පත්වූ පිරිස දහස ඉක්මවනවා. 2014 වසරේ සිට මේ දක්වා අහිමි වූ ජීවිත ගණන දහඅට දහසකට අධිකයි. අනාරක්ෂිත බෝට්ටු භාවිතය,අවදානම් මාර්ගවලින් සංක්රමණය වීමට උත්සාහ දැරීම,අයහපත් කාලගුණය ආදී හේතු නිසා සංක්රමණිකයින් මෙසේ ජීවිතක්ෂයට පත්වන බව සඳහන්. දිළිඳු රටවලින් යුරෝපයට අනවසරයෙන් සංක්රමණය වීම ආරම්භ වී වසර 6 ක් සපිරෙනවා. යේමනය,සිරියාව,ලිබියාව හා අප්රිකා කලාපයේ බොහෝ රටවලින් මෙසේ පුද්ගලයින් යුරෝපයට සංක්රමණය වනවා.