fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 13:26

සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා ඇරඹෙයි

වතුකර ජනතාව ඉලක්ක කර ගනිිමින් සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා සිට ආරම්භ කරනවා.

එය හැටන් සහ පස්සර මුලික කරගනිමින් ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම. ඉදිරියේදී බදුල්ල , රත්නපුර කැගල්ල ඇතුළු සියලු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි දිවයින පුරා වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ. මත්පැන් භාවිතය අවම කිරිම, ආර්ථිකය ශක්තිමත් කිරිම, අධ්‍යාපනය සහ ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව එහිදි වතු ජනතාව දැනුවත් කෙරෙනවා.

ඊට විශේෂ දේශකයන් සහභාගී වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නිවාස හිමිකම් ඔප්පු නොමැති එභෙත් දීර්ඝ කාලයක සිට රජය ලබාදුන් නිවාස වල පදිංචි වී සිටින ජනතාවට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලද ක‍්‍රියාත්මකයි. ඒ යටතේ ඉදිරි සතියේ දී හිමිකම් ඔප්පු තුන් දහසක් පමණ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්