ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පස්වරු දෙකට ආරම්භ වනවා.
ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී. වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට එක්වන බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරිමයි අරමුණ. පස්වරු හතරට ද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර. නාමයෝජනා භාරදීමේ ක්‍රියාවලිය, මාධ්‍ය උපමාන සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ITN වෙත ප්‍රකාශ කළේ.