fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන කණ්ඩායම ලකුණු 67කින් ජය ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 10:57

පාකිස්තාන කණ්ඩායම ලකුණු 67කින් ජය ගනී

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 67කින් ජයගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

කරච්චිහිදි පැවැති තරගයේ  පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබදතාවක් ගොඩනැගුවා. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ බාබර් අසාම් ලකුණු 115යි. පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 305ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 28ක් තුලදී බිද වැටුණා.

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවැන්ත පරාජයක අවමානයෙන් ගලවා ගැනිමේ වගකීම සියතට ගත්  ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක හයවන කඩුල්ල වෙනුනේ ලකුණු 177ක අගනා සබදතාවක් ගොඩනැගුවා. එය වාර්තා අතරට එක් වුයේ  ශ්‍රී ලංකා පිතිකරුවෙකු හයවන කඩුල්ලට එක්කළ වැඩිම ලකුණු සබදතාව ලෙසයි. ෂෙශාන් ජයසූරිය ලකුණු 96ක් ලබා ගත්තා. අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරිමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 238ක් පමණයි.  පන්දුයැවිමේදී පාකිස්තාන කණ්ඩායමේ උස්මාන් ශින්වාරි කඩුලු 05ක් බිද හෙලුවා. මේ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ද සොයිසා මහතාට ශෝකය පළ කිරිම සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් ඊයේ  තරගයට පිවිසියේ කළුපටි පැලදගෙනයි. දෙරට  අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කරච්චිහිදි හෙට පැවැත්විමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 10:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්