fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ජය ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 10:44

කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ජය ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස්ට

ලෝක මළල ක්‍රිඩා ශුරතා තරගාවලියේ කාන්තා මීටර් 100 තරග ඉසව්ව ජය ගැනිමට ජැමෙයිකාවේ ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස් සමත් වුනා.

දෝහා කටාර්හිදී පැවති කාන්තා මීටර් 100 තරග ඉසව්ව නිම කිරිමට ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ගත කල කාලය තත්පර 10යි දශම හතයි එකක්. එය වාර්තා අතරට එක්වුයේ මිටර් සියයයේ තරග ඉසව්ව අවසන් කළ ලොව දෙවන වේගවත්ම කාලය ලෙසයි. එක්දරු මවක් වන ෂෙලි ඕලිම්පික් පදක්කම් ලාභිනියක ද වනවා. තත්ත්පර දහයයි දශම අටයි තුනකින් තරගය අවසන් කළ කළ බ්‍රිතාන්‍යයේ ඇෂර් ස්මිත් එම තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තා. එහි තුන්වන ස්ථානයට පත් වුයේ තත්පර දහයයි දශම නවයයි බින්දුවකින් තරගය නිම කළ මේරි ජෝෂි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 10:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්