නිීතිවිරෝධිව කැනීම් කළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා. ඒ පස්සර පොලිස් වසමේ දීයි.
ස්ථාන දෙකකදී ඔවුන් වැටලීම සිදුකර තිබෙනවා. එහිදී කැනීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සොයාගැනීමට හැකිවුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මොනරාගල ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී ශාඛා කාර්යාලයටයි භාරදී තිබෙන්නේ.