fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන 5 වනදා යළි රැස්වීමට නිදහස් පක්ෂය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 09:47

ලබන 5 වනදා යළි රැස්වීමට නිදහස් පක්ෂය තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ලබන පස්වනදා යළි රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා. ඊයේ රාත්‍රියේ රැස් වූ මධ්‍යම කාරක සභාවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දීමේදී ඡන්ද ලකුණ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.ඒ අනුව ලබන පස්වනදා රාත්‍රී හතට මධ්‍යම කාරක සභාව යළි රැස්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේ නම් ඊට අදාළ අවබෝධතා ගිවිසුමේ පිටපතක් ද මධ්‍යම කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්