නිදහස් පක්ෂ දැක්මට හානිවන කිසිවකට එකඟ නැති බව ජනපති කියයි
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට හා දර්ශනයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට එළඹීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළකලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ හෙටිටිපොළ මහජන පොළ භූමියේදී පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක්ද ඊට එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු ජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු සළකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට පක්ෂය කර ඇති යෝජනාවට එකගවන්නේනම් පමණක් බවයි.