ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අයයි එය ගොණු කර ඇත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල ලෙස ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන නැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා. මෙම පෙත්සම ලබන 02, 03, 04 යන දිනවල සලකා බැලීමට දින නියම කළා. පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.