අපිරිසිදු ආහාර අළෙවි කළ අවන්හල් 13 කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැටලීම සිදුකළා. ඒ යාපනය කරවෙඩ්ඩි ප්රදේශයේදීයි.
සනීපාරක්ෂක ගැටලු, අපිරිසිදු අයුරින් ආහාර ගබඩා කිරීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අසුරා තැබීම වැනි කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.