පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අධිකරණයක් නඩු පවරා තිබෙනවා.
ඒ නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතින්ගේ සමුළුව අමතමින් ඉම්රාන් ඛාන් ඉන්දියාවට එරෙහිව ප්රතිවිරෝධාත්මක අදහස් දැක්වීමක් සිදුකළ බවට චෝදනා කරමින්. ඉන්දිය නීතිඥයකු නඩුව ගොනුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. එක්සත් ජාතින්ගේ සමුළුවේදි විනාඩි පනහක කාලයක් ආවේගශ්රීලිව අදහස් ඉදිරිපත් කළ ඉම්රාන් ඛාන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර මත ගැටුම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි ප්‍රකාශ කර තිබුණේ.