fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පහත රට තේ සඳහා වැඩි ඉල්ලුමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 08:34

පහත රට තේ සඳහා වැඩි ඉල්ලුමක්

පහත රට තේ සඳහා වැඩි ඉල්ලුමක් හිමිවී තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති තේ වෙන්දේසියේදී  පහත රට තේ සඳහා වැඩි ඉල්ලුමක් පැවැති බවයි වාර්තා වුණේ.

කොළඹ පැවැති තේ වෙන්දේසියට  පහත රට තේ කිලෝග්‍රෑම් හැටහය ලක්ෂයක් ඉදිරිපත් වී තිබෙනවා. එහිදී පහත රට තේ වර්ගවල කිලෝග්‍රෑම් එකක් සදහා වන මිල රුපියල්  30 කට අධික අගයකින් ඉහළ ගොස් තිබෙනවා. සෞදි අරාබිය, කුවේටය , සිරියාව සහ ජෝර්දානය යන රටවලින් වැඩි වශයෙන් ඇනවුම් ලැබී තිබුණා. ඉරානය ද පසුගිය වෙන්දේසියේදී සක්‍රියව ඉදිරිපත් වුවද මෙරට පහත රට තේ සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවයි තේ මණ්ඩලය පවසන්නේ. මධ්‍යම සහ ඉහළ කදුකරයේ තේ වර්ග සඳහා ද රැසියාව , යුරෝපා  රටවල් සහ හොංකොං රාජ්‍ය යෙන් ඉහළ ඉල්ලුමක් හිමිව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 08:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00