fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති පොළොන්නරුවේ වැඩසටහන් කිහිපයකට එක්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 17:08

ජනපති පොළොන්නරුවේ වැඩසටහන් කිහිපයකට එක්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වුණා.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් වෙහෙරගල කනිච්ඡාගල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉදිකළ නව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 28 ක්. සමරු ළුලකය නිරාවරණය කරමින් ජනාධිපතිතුමා එය සිසු අයිතියට පත් කළා.

අනතුරුව ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ 35 ක වියදමෙන් නිම කෙරුණු ගල්එලිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයේ සංඝාවාසය සඟසතු කොට පූජා කිරීමේ අවස්ථාවට  එක්වුණා. මෙම සංඝාවාසය ඉදිකර ඇත්තේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි. ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ පැවති දානමය පුන්‍යකර්මයටද සහභාගී වූ ජනාධිපතිතුමා මහාසංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමටද කටයුතු කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ වෙහෙරගල මහසෙන් රජමහා විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ලද සඟ සතුකොට පූජා කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සංඝාවාසය ඉදිකිරීම සදහා වැය කොට ඇති මුදල රුපියල් ලක්ෂ 35 ක්. විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා දහම්පාසල් දරුදැරියන් මහත් සෙනෙහසින් පිළිගත්තා. සංඝාවාසය සඟ සතු කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ පාසල් සදහා පුස්තකාල  පොත් කට්ටල බෙදාදීම, අඩු ආදායම් ලාභීන්ට නිවාස හිමිකම් ප්‍රදානය කිරීම ඇතුළු සුබසාධන වැඩසටහන් රැසක්ද සංකේතාත්මකව  ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්