ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට ලකුණු 41 ක ජයක්
Related Articles
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර අද පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 41 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අතර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩාකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 04 ක්දැවී ලකුණු 217 ක් රැස් කර ගත්තා. බෙත් මූනෙ ක්‍රීඩිකාව ලකුනු 113 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී ලබා ගැනීමට හැකි වූයේ කඩුළු 07 ක් දැවී ලක්ණු 176 ක් පමණයි. චමරී අතපත්තු ලකුනු 113 ක් රැස්කළා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ චමරි හයේ පහර 06 ක් එල්ල කිරීමට සමත්වුණා. එක් හයේ පහරක් දවසේ විශිෂ්ඨතම පහර ලෙස නම් කරනු ලැබුවා. ලෝන්ග් ඔන් කලාපයට එපිටින් පිහිටි ප්‍රේක්ෂකාගාරයේ වහලය මතට පන්දුව පතිතවූයේ ඇයට ශතකයක් එක්කරමින්.