2017 වසරේදී ඇමෙරිකා සංචාරකයින් පනස්හත් දහසක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බව මෙරට ඇමෙරිකා තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා තානාපතිවරිය මේ බව කියා සිටියා. මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා පසුගිය වසර දහය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය විශාල වශයෙන් ආයෝජනය කර ඇති බව ද ඇය කියා සිටිනවා. එම ආයෝජන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් උරුමකර දීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුණ බවයි ටෙප්ලිට්ස් මහත්මිය කියාසිටින්නේ. ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුවට ද ඇය සතුටින් සහභාගි වූ බව සඳහන් කර තිබෙනවා.