දෝහා කටාර් සිට මෙරට බලා පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කොකේන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 50 ක් වන ඇය බ්‍රසීල ජතික කාන්තාවක්. ඇය පිළිබඳ සැක සිතූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ස්කෑන් පරික්ෂාවකට ලක් කිරීමේදී ඇගේ උදරයේ තිබෙන කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. මේ වන විට වරින් වර ඇගේ උදරයෙන් කොකේන් ගුලි 52 ක් මීගමුව මහරෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව ඉවත් කර ඇති බව සඳහන්.