ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් තැපෑලට යොමු නොකළ අයදුම්පත් ළඟම ඇති දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළා.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට මධ්‍යම රාතී‍්‍ර 12 න් අවසන් වනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් 7 වෙනිදා පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි. අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඔක්තෝබර් 6 වෙනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.