ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවල පිටපත් ලබාගැනීම ධවල මන්දිරය සීමා කර තිබෙනවා.
රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ සවුදියේ ඔටුන්න හිමි කුමරු සමඟ සිදුකළ සාකච්ඡාවල පිටපත් ලබාගැනීමේදී පළමු වරට මෙම තත්වය උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍යවේදීන් පෙන්වාදෙන්නේ. දැනට වසරක කාලයක පමණ සිට අවස්ථා කිහිපයකදි මෙම තත්වය දැකගත හැකි වුවද වර්තමානයේ එය සුලභ බව ඔවුන් පවසනවා.