හපුතලේ බණ්ඩාරවෙල මාර්ගයේ 11 වන කිලෝමීටර කණුව අසල පිහිටි විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිටියා.
හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා දිවෙන මාර්ගයේ 11 කිලෝමීටර කණුව අසල පිහිටි ගසකුයි මෙලෙස මාර්ගයට කඩා වැටී තිබෙන්නේ. මෙම ගසේ බඹර කූඩු විශාල ප්රමාණයක් තිබුණු බවද අප වාර්තාකරු සඳහන් කරනවා. අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව ගස කපා ඉවත්කිරීමට කටයුතු කළා. මේ දිනවල පවතින අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙනුයි මෙම ගස කඩා වැටී ඇත්තේ.