මෙක්සිකෝවේ විනෝද උද්‍යානයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විනෝද උද්‍යානයේ සවි කර තිබූ රෝලකෝස්ටරයක් කඩා වැටීමෙන් අනතුර සිදුවුණා. මෙක්සිකෝවේ ලා ෆෙරියා විනෝද උද්‍යානයේයි මෙම අනතුර සිදුවූණේ. සිද්ධියෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබුවා. රෝලකෝස්ටරයේ මගීන් ගමන් කළ එක් මැදිරියක් කඩා වැටී ඉවතට විසිවීම හේතුවෙන් අනතුර සිදුවුණා. එම කොටස ලිහිල්ව පැවැති බැවින් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.