තවත් බීඩිකොල කිලෝග්රෑම් 744 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු මුහුදේ සිදුකළ සෝදිසි කිරිමකදී බීඩිකොළ සහිත පාර්සල් 27 ක් හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ. ඒ අනුව ඊයේ (27) දිනයේදී පමණක් උතුරු මුහුදේ තිබී බීඩිකොළ කිලෝග්රෑම් දෙදහසකට වැඩි ප්රමාණයක් සොයාගෙන තිබෙනවා.
ඒවා ඉදිරි විමර්ෂණ කටයුතු සදහා යාපනය රේගු කාර්යාලයට භාරදීමටයි නියමිත.