fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභිරහස් ලෙස මිය ගිය වන අලි ගණන 7 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 14:51

අභිරහස් ලෙස මිය ගිය වන අලි ගණන 7 දක්වා ඉහළට

හබරන හිරිවඩුන්න ප්‍රදේශයේදී මිය ගිය වන අලි සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සත්ත්වයින්ගේ මරණයට හේතුව පිලිබදව මේ වන විට පරික්ෂණ ක්‍රියාත්මකයි.

හබරන හිරිවඩුන්න වැව් රක්ෂිතය සහ ඊට යාබද තුන්නිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේදීයි මෙලෙස වන අලින් මිය ගොස් ඇත්තේ. අවුරුදු 25ත් 35ත් අතර වයසේ පසුවන ගැහැණු සතුන් හත්දෙනෙකු ද මේ අතර වනවා. ගැබ්බර ඇතින්නක්ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කලාවැව සිට සිගිරිය හා මින්නේරිය දක්වා එම සතුන් සංක්‍රමණය වන මාර්ගය අලිමංකඩක් වනවා. එම මාර්ගය තුළ අනවසර ඉදිකිරිම් හා වගා බිම් සිදු කර ඇති බවයි වනජීවි නිළධාරින් පවසන්නේ. මෙම සිද්ධිය පිලිබද සොයා බැලිමට යුද හමුදා නිළධාරින් සහ වන රක්ෂක නිළධාරින් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්