fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 14:32

ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ කුඩාම පාසල් කණ්ඩායම දිවයිනට පැමිණියා.

ජයග්‍රාහීව දිවයිනට පැමිණි පිරිස පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පැවැත්වුණා. ඉන්දියාවේ පැවති මෙම තරගාවලියට රටවල් 35 ක් සහභාගි වුණා. එය විවෘත තරගාවලියක්. ශ්‍රී ලංකා පාසල් කුඩා කණ්ඩායම දැක්වූ දක්‍ෂතා හේතුවෙන් ඔවුන්ට මෙම ජයග්‍රහණය හිමි වී තිබෙනවා.

ගම්පහ සුමේධ විද්‍යාලයේ දරුවන් 11 දෙනෙකු හා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ එක් දරුවෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වුණා. දිවයිනට පැමිණි පාසල් කණ්ඩායම පිළිගැනීමේ අවස්ථාවට දෙමව්පියන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්