ව්‍යාජ රන් කාසි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ රන් කාසි 4 ක් සහ ව්‍යාජ ලෙස සකස් කළ කාසි 1400 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
පෑලියගො අපරාධ විමර්ශන අංශය වැටලීම සිදුකුළා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු උපාය දූතයන් ලෙස යොදවා සැනකරුවන් සම්බන්ධ කරගෙන තිබෙනවා. පසුව පෑලියගොඩ මීගමුව පාරේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙද සංකීර්ණයක රථගාලයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. සැකකරුවන් තලාව සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.
මීටපෙර ඔවුන් සිදුකළ මෙවැනිම අපරාධයක් සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයේ නඩුවක් විභාග වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.