හඹරන කූන්බිකුලම රක්ෂිතයේ වන අලි මියයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සීගිරිය වනජීවී කාර්යාලය එක් පර්යේෂණයක් සිදුකරන අතර, පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මියගොස් සිටි අලින් හතර දෙනෙකුගේ සිරුරු ඊයේ (27) පස්වරුවේ සොයා ගත්තා. ඔවුන් සිව්දෙනාම ගැහැණු සතුන් වන අතර ඉන් තිදෙනෙකු ගැබ්බරව සිටි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. විෂ වර්ගයක් ශරීරගතවීමෙන් මෙම වන අලින් මියයන්නට ඇතැයි සැක පළකරනවා.
වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය සතුන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පශු පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට නියමිතයි.