fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වායු ගෝලය කැළඹේ – ප්‍රදේශ රැසකට ඉදිරියේදී තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 09:59

වායු ගෝලය කැළඹේ – ප්‍රදේශ රැසකට ඉදිරියේදී තද වැසි

දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශය අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඇතැම් පළාත්වලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්