fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින තරගය කල්යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 09:47

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින තරගය කල්යයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය කල්දැමිමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ තරගය පැවැත්විමට නියමිත කරච්චි ක්‍රිඩාංගනය ක්‍රිඩා කිරිම සදහා සුදුසු තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කාලය ලබා ගැනිමටයි.

දෙරට අතර පැවැත්විමට නියමිතව තිබු පළමු තරගය ද කරච්චි ක්‍රිඩාංගනයේ පැවැත්විමටයි නියමිතව තිබූණේ. එහෙත් පැවති අධික වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. වර්ෂාවත් සමග ක්‍රිඩාංගනය බෝහෝ සෙයින් ජලයෙන් යටවී තිබිම හේතුවෙන් ක්‍රිඩාංගනය යළි සුදුසු තත්ත්වයට පත් කිරිමට යම් අමතර කාලයක් නිළධාරින්ට ලබා දීමටයි බළධාරින් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව දෙවැනි තරගය හෙට (29) පැවැත්විමට නියමිතව තිබු අතර එය අනිද්දා (30) දිනයේදී පැවැත්වෙනු ඇති.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්