සංචාරක ශ්රී ලංකා කන්ඩායම සහ පාකිස්ථානය අතර පලමු එක්දින ක්රිකට් තරගය අත්හැර දමා තිබෙනවා.
ඒ කරච්චි ජාතික ක්රිකට් ක්රීඩාංගනය ආශ්රිතව ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන්. ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ටයි තරගය ආරම්භවීමට නියමිතව තිබුණේ. එහෙත් පස්වරුවේ සිට වැසි ඇදහැලීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ලබන බදාදා.