ජනාවාස කමිටු නීත්‍යානුකූල ලෙස පිහිටුවා ගම හදා රට හදන විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේ දී නිර්මාණය කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවෙන් ඊයේ (26) පත් කෙරුණා. අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ද එම තීන්දුව අනුමත කරමින් සහාය පළ කළා. ඒකීය රටක් තුළ උපරිමයෙන් බලය බෙදා හැරීම සදහා කටයුතු කරන බවයි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය පළමු මාධ්‍ය හමුව අමතමින් ඊයේ (26) අවධාරණය කර සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/u4zzHEX7e28″]
මේ අතර රටවැසියන් හා රටේ ප්‍රධානියා අතර සමීප සබදතා ගොඩනගා ගනිමින් ජනතා ප්‍රශ්නවලට සාර්ථක විසදුම් ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රජා ජනාවාස කමිටු නියෝජිත සමුළුවට සහභාගි වෙමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/u4zzHEX7e28″]