එළඹෙන ජනාධිපතිවරණයේදි සහාය දක්වන අපේක්ෂකයා ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්සකයන් සමග තම පක්ෂය මේවන විටත් සාකච්ඡා කර ඇති බවයි කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමාන් මහතා සදහන් කළේ. ඒ මාධ්‍යයට අදහස් දක්වමින්. වතුකරයට බලපාන කරුණු 32 ක් සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානය යොමුකළ බවයි ආරුමුගන් තොන්ඩමාන් මහතා පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන ලෙස එම පක්ෂයේ ආධාර කරුවන් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බවත්, ආරුමුගන් තොන්ඩමාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.