ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (27) ඉතා සාමකාමීව සිදුකෙරුණා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට අසූවක් පමණ වන බවයි තේරීම් භාර නිලධාරීවරයා පවසන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා වන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (27) පෙරවරු නවයට ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 269 කදී. තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අපේක්ෂකයින් 1542 දෙදෙනෙකු ඉල්ලුම්කර තිබුණා. ඉන් සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 1192 ක්. අද දින තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වූ අයට ලබන 4 වනදා ඒ සදහා අවස්ථාව උදාකර දී තිබෙනවා.
මේ අතර අද දිනයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට අසූවක් පමණ වන අතර වැඩිම ප්‍රතිශතයක් වාර්තා වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. එහි ඡන්ද හිමිකම් ලැබූ 106 දෙනාගෙන් 105 දෙනෙකුම අද දිනයේදී ඡන්දය ප්‍රකාශ කළ බව එහි සහතික කිරීමේ නිලධාරීන් ඒ ඩබ්ලිව් ටී අබේවර්ධන මහත්මිය පැවසුවා. මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකාරිනී හෂානි චිත්‍රාංගනී මහත්මිය ප්‍රකාශ කළේ කිසිදු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/xJLt9tvLIsc”]