ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි අතර හමුවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීම සදහා පැමිණි දෙරටේ නායකයන් අතර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහෙත් ඒ පිලිබද මාධ්‍යයට කිසිදු තොරතුරක් අනාවරණය කර නැහැ. ඇමරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක තත්වය උත්සන්න වී ඇති අවස්ථාවක ඉන්දිය ඉරාන නායකයන්ගේ හමුවීම විශේෂත්වයක් බව ද මාධ්‍ය වාර්තා සදහන් කළා.